එල්-නීනියෝ, එසේත් නැතිනම් El Niño–Southern Oscillation (ENSO) යනු වසර කිහිපයකට වතාවක් ඇතිවන, ලෝකයේ ආන්තික කාලගුණික තත්ත්වයන්(Extreme weather events) ඇති කිරීමට සමත් ප්‍රභල දේශගුණික සංසිද්ධියකි. ඇතැම් අවස්ථාවලදී එය ලෝකයේ ආහාර නිෂ්පාදනය, ජල අවශ්‍යතාවයන් සහ යහ-සෞඛ්‍ය වැනි මූලික මිනිස් අවශ්‍යතාවයන් කෙරෙහි දැඩි බලපෑම් එල්ල කර ඇත. 1951-2022 දක්වා වසර 72ක් European Centre for Medium-Range Weather Forecasts (ECMWF) හි ERA5 වැසි සහ උෂ්ණත්ව දත්ත යොදා ගනිමින් ලංකාවේ මාසික දේශගුණික තත්ත්වයන් කෙරෙහි ENSO හි බලපෑම අධ්‍යයනය කිරීම මෙම ලිපියේ අරමුණයි.
වසරේ සාමාන්‍ය ස්වභාවය:
වසරේ සාමාන්‍ය දේශගුණික තත්ත්ව යටතේ ගෝලීය වෙළඳ සුළං, ලෝකයේ නැගෙනහිර සිට බටහිරට දෙසට හමා යයි. ලෝකයේ විශාලතම සාගර කලාපය වීම නිසාවෙන්ම පෘතුවියේ දේශගුණයට විශාලතම බලපෑම ඇතිකරන සාගර කලාපයක් ලෙස පැසිෆික් සාගරය හඳුනා ගන්න පුළුවන්. පෘතුවියට සුර්ය ශක්තිය ලැබෙනවිට සාගර මතුපිට පෘෂ්ටය සාපේක්ෂව වඩාත් උණුසුම් වන අතර ගැඹුරට යත්ම සාගර ජලය වඩාත් සීතලවන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙම තත්වය නිසා වායුගෝලයේ නිශ්චිත සුළං රටාවක් ඇතිවන අතර එමගින් ලෝකයේ වර්ෂා රටාවන්හි හැසිරීම පාලනය වෙයි. එල්නීනියෝ සහ ලානීනියා ඇතිකරන සුවිශේෂී පැසිෆික් සාගර තත්ත්වයන් විසින් වෙනස් කරනු ලබන්නේ මේ වායුගෝලීය තත්ත්වයන් වේ.
සමකාසන්න පැසිෆික් සාගර කලාපය හරහා හමන වෙළඳ සුළං මගින් එම සාගර ප්‍රදේශවල පවතින, උණුසුම් මතුපිට ජල ස්තරය, සුළඟ සමගින් ක්‍රමයෙන් නැගෙනහිර ප්‍රදේශවල සිට බටහිර ප්‍රදේශ වෙත (ඇමෙරිකා මහාද්වීපයේ සිට ආසියා-ඕස්ට්‍රේලියා මහද්වීප වෙත) රැගෙන එයි. මේ නිසා 01.රූපයේ දැක්වෙන පරිදි පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශවල සාපේක්ෂව උණුසුම් ජලය එකතුවී පවතී. ඒ අනුව නැගෙනහිර පැසිෆික් ප්‍රදේශවලින් උණුසුම් මතුපිට ජලය ඉවත් වීම නිසා සාගර අභ්‍යන්තරයේ පවතින වඩාත් සිසිල් ජලය ඉහලට පැමිණෙමින් පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශ සාපේක්ෂව සිසිල් ස්වභාවයක පවත්වාගනී.
01. රූපය - (a) සමකය ආශ්‍රිත පැසිෆික් සාගර කලාපයේ සාමාන්‍ය සුළං (වෙළඳ සුළං) රටාව. (b) නැගෙනහිරින් හමන සුළං නිසා උෂ්ණත්වයෙන් වැඩි මතුපිට මුහුදු ජල ස්තරය බස්නාහිර දෙසට තල්ලු වීම. (c) ඉහල සාගර කලාපයේ ජලය බටහිර දෙසට පැමිණීමත් සමගම ගැඹුරු මුහුදේ සීතල ජලය නැගෙනහිර පැසිෆික් සාගර මතුපිට වෙත ගමන් කිරීම. (Source : www.metoffice.gov.uk)
එල්නීනියෝ තත්ත්වයක් කියන්නෙ මොකද්ද?
මුලික වශයෙන් වෙළඳ සුළංවල දුර්වල වීම (වෙළඳ සුළං දුර්වලවීම වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු) නිසා පෙර සඳහන් කරනලද උණුසුම් මුහුද මතුපිට ජල ස්තරය, බටහිර දෙසට තල්ලු වීමක් සිදු නොවන අතර නැගෙනහිරින් පැමිණෙන සුළං දුර්වල වීම නිසා එම ජල ස්ථරය සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ නැගෙනහිර ප්‍රදේශ වෙත ගමන් කිරීමක් දැකිය හැකියි (02.රූපය). ඒ අනුව ඇමෙරිකා මහාද්වීපය ආශ්‍රිතව නැගෙනහිර පැසිෆික් සාගරය වඩාත් උණුසුම් ජලයෙන් සමන්විත වන අතර ආසියාතික බටහිර පැසිෆික් සාගර කලාපය වඩාත් සිසිල් වනු නිරීක්ෂණය කළ හැකියි. මෙය එල් නීනියෝ ( El Niño ) අවස්තාවක් ලෙස හඳුන්වනු ලබයි.
02 රූපය - වෙළඳ සුළං දුර්වල වීම සහ බටහිරින් සුළං හැමීමත් සමගම පැසිෆික් සාගරයේ බස්නාහිර කලාපයේ පැවති වැඩි උෂ්ණත්වයක් සහිත ජලකඳ පැසිෆික් සාගර මධ්‍ය සහ නැගෙනහිර වෙත ගමන් කරමින් එල්-නීනියෝ නිර්මාණය වීම. (Source : www.metoffice.gov.uk)
ලා නීනියා තත්ත්වයක් කියන්නෙ මොකද්ද?
මුලින් සඳහන් කල පරිදි සාමාන්‍ය දේශගුණ තත්ත්ව වෙළඳ සුලන් නැගෙනහිර සිට බටහිර දෙසට හමායාම නිරීක්ෂණය කලහැකිමුත් සාමාන්‍ය සුළං වේගයන්ට සාපේක්ෂව වඩාත් වැඩි වෙළඳ සුළං ප්‍රවාහයන් ඇතිවීම නිසා සිදුවන අනෙක් සංසිද්දිය වනුයේ, සමකාසන්න පැසිෆික් සාගරයේ උණුසුම් මතුපිට ජලය වඩාත් සීග්‍රයෙන් බටහිර පැසිෆික් සාගරය දෙසට ගමන් කිරීමයි. මේ නිසා නැගෙනහිර පැසිෆික් සාගර කලාපය වඩාත් සිසිල් වන අතර බටහිර පැසිෆික්වී සාගර කලාපය වඩාත් උණුසුම් වෙයි.
03 රූපය - (a) සමකය ආශ්‍රිත පැසිෆික් සාගර කලාපයේ වෙළඳ සුළං වඩාත් තිව්‍ර වෙමින් බටහිර දෙසට ගමන් කිරීම. (b) වඩාත් තීව්‍ර සුළං ප්‍රවාහය නිසා බටහිර පැසිෆික් සාගරය වෙත උණුසුම් සාගර ජලය එකතුවීම වැඩිවන අතරම නැගෙනහිර පැසිෆික් සාගර කලාපය වෙත වඩාත් සිසිල් ජලය එකතු වීම සිදුවෙමින් ලා-නීනියා තත්ත්වය නිර්මාණය වීම. (Source : www.metoffice.gov.uk)
ලෝකයේ විවිධ කලාපවල සාගර ජලය උණුසුම් හෝ සීතල වීම දේශගුණයට බලපෑම සිදුකර ඇත්තේ කෙසේද?
පසුගිය දත්ත විශ්ලේෂණය මගින් සහ ගණිත ආකෘති භාවිතයෙන් සිදුකරන ලද පර්යේෂණ ආශ්‍රයෙන් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති පරිදි එල් නීනියෝ සහ ලා නීනියා යනු වසර 2ත් 7ත් අතර ආවර්ත කාලයකින් යුක්ත නැවත නැවතත් සිදුවන ක්‍රියාවලියක් බවත් ලෝකයේ සෑමරටකම පාහේ දේශගුණයට බලපෑම් ඇතිකරනු ලබන බවත්කියවේ. එල්නීනියෝ කාල ප්‍රාන්තරවලදී ගෝලීය උෂ්ණත්වයන් වඩාත් වැඩිවිය හැකි අතර ලා නීනියා පරිච්ඡේදවලදී ගෝලීය වශයෙන් සාපේක්ෂව අඩු උෂ්ණත්වයන් ඇතිකරනු ලබන බව සොයාගෙන ඇත. කෙසේ වෙතත් එල්නීනියෝ සහ ලානීනියා මගින් විවිධ රටවල්වල වැසි තත්වයන් කෙරෙහි විවිධාකාරයෙන් බලපෑම් ඇති කරනු ලබන අතර වසරේ විවිධ මාස වලදී විවිධාකාර වීමද දකින්න පුළුවන්.
ඉහත සඳහන් කරනලද පරිදි ලංකාවේ වර්ෂාව ඇතිවීම සම්බන්ධයෙන් වසරේ විවිධ කාලවලදී එකිනෙකට වෙනස් බලපෑම් ලංකාවේ ඇති කිරීමට පැසිෆික් සාගරයේ ENSO සමත්වී තිබේ. ඒ අනුව 1951 සිට 2022 දක්වා පසුගිය වසර 70කට වැඩි කාලයක වැසි සහ උෂ්ණත්ව දත්ත යොදා ගනිමින් මාසිකව ලංකාව වෙත ENSO හි බලපෑම විශ්ලේෂණය කරන ලදී.
සියලුම වැසි සහ උෂ්ණත්ව විශ්ලේෂණ සඳහා ඇනෝමලි(Anomaly - පවතින සාමාන්‍ය අගයන්ට සාපේක්ෂව ප්‍රමාණාත්මක අඩු හෝ වැඩි වීම) අගයන් ගණනය කරන ලදී. වර්ෂා සිතියම් සඳහා එකම පරිමාණයන් යොදා ඇති අතර උෂ්ණත්ව විශ්ලේෂණයන් සඳහාද වෙනත් එක් පරිමාණයක් පමණක් යොදාගෙන ඇත.
1. අදාළ මාසයේ සාමාන්‍ය වැස්සට වඩා ENSO වැස්ස අඩු නම් දුඹුරු පැහැයක්ද, වැස්ස වැඩි නම් නිල් පැහැයක්ද සිතියම්වල ඇත.
2. විශ්ලේෂිත මාසයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ENSO පවතින අවස්ථාවල උෂ්ණත්වය වැඩි අගයක් ගෙන ඇත්නම් රතු පැහැයක්ද, උෂ්ණත්වය අඩුයි නම් නිල් පැහැයක්ද සිතියම්වල ඇත.
04 රූපය - ජනවාරි මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
ජනවාරි මාසයේදී එල්නීනියෝ පැවතීම සාමාන්‍ය වැසි තරමක් අඩු කිරීමටත් උෂ්ණත්වය වැඩි කිරීමටත් හේතු විය හැකි බව 04.රූපය මගින් පැහැදිලි වේ. තවද ලා-නීනියා මගින් ඊට විරුද්ධ ආකාරයට ජනවාරි මාසයේදී ප්‍රධාන වශයෙන්ම මධ්‍යම කඳුකරය ඇතුළු බොහෝ ප්‍රදේශවල වැසි වැඩි වීමක් සිදුවිය හැකි අතර උෂ්ණත්වයද විශේෂයෙන් බස්නාහිර සබරගමු සහ දකුණු ප්‍රදේශවල සාමාන්‍ය අගයන්ට වඩා අඩු විය හැක.
05.රූපයෙන් දැක්වෙන්නේ පෙබරවාරි මාසයේදී ENSO හි බලපෑම ලංකාවෙ විවිධ ප්‍රදේශවලට ඇතිවී ඇති ආකාරයයි. ඒ අනුව එල්නීනියෝ සහ ලානීනියා පැනනැගීම මත ජනවාරි මාසයට වඩා වියලිබව/වැසි සහිතබව සහ උෂ්ණත්වය වැඩි/අඩු වීම තරමක තිව්‍ර ස්වභාවයක් ගෙන ඇති බව නිරීක්ෂණය වේ. කෙසේ වෙතත් එල්නීනියෝ අවස්ථාවල වැසි අඩුවන ප්‍රදේශවල ලානීනියා අවස්ථාවලදී වැසි ප්‍රමාණාත්මකව වැඩිවී ඇත.
05 රූපය - පෙබරවාරි මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
පළමු අන්තර් මෝසමේ පලවෙනි මාසය මාර්තු. ඊසානදිග මෝසමෙන් පසු මාර්තුවනවිට දිවයින ආශ්‍රිතව විශේෂ සුළං රටාවක් නොමැති අතර සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි නිරීක්ෂණය කරන්න පුළුවන්. වසරේ තරමක් අඩු වැස්ස සහිත මාසයක් ලෙස ගැනුනත් 06. රූපය අනුව ලා-නීනියා අවස්ථාවල සබරගමු පළාතේ වැසි වැඩි වීමක් දකින්න පුළුවන්. වසරේ මුල් මාස දෙකේදි වගේම එල්නීනියෝ තත්ත්වයන් විසින් වැසි අඩු කිරීමක් දකින්න පුළුවන්.
06 රූපය - මාර්තු මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
මාර්තු සාමාන්‍යයෙන් වියලි මාසයක් වන අතර එල්නීනියෝ සහිත අවස්ථාවල වඩාත් වියලි විය හැකි අතර ලා නීනියා පවතින විටදී දිවයිනේ බොහෝ ප්‍රදේශ සාමාන්‍ය මට්ටමට වඩා සිහිල් වියහැකි බව දකින්න පුළුවන්.
07 රූපය - අප්‍රේල් මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
පළමු අන්තර් මෝසමේ දෙවන මාසය, එනම් අප්‍රේල් මාසෙදි එල්නීනියෝ සිතියමේ බස්නාහිර කොටස්වල අඩු වැසි සහිතබව හැරුණකොට, එල්නීනියෝ සහ ලානීනියා තත්ත්ව වලදී සාපේක්ෂව වඩාත් වැඩියෙන් වැසි ලැබීමක් දකින්න පුළුවන්. එසේම 07.රූපය අනුව උෂ්ණත්වයේද එම හැසිරීම දකින්න පුළුවන්.
08 රූපය - මැයි මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
සාමාන්‍ය තත්ත්ව යටතේ මැයි මාසය අග භාගයේ නිරිතදිග මෝසම ස්ථාපිත වෙයි. මෝසම් ලක්ෂණ, සංවහන ලක්ෂණ සහ බෙංගාල බොක්කේ ඇතිවන අඩුපීඩන කලාප වැනි කාලගුණ පද්ධති ප්‍රධාන වශයෙන් ලංකාවෙ වැස්සට එකතුවීම සාමාන්‍යයි. ඒ අනුව 09.රූපයේ දැක්වෙන පරිදි ENSO හි බලපෑම මැයි මාසෙ වැස්සට ඇති කරන බලපෑම සාපේක්ෂව අවම මට්ටමක පවතින බව නිරීක්ෂනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ENSO හි වෙනස්වීම මත මැයි මාසෙ උෂ්ණත්වය වෙනස් වීමක් දකින්න අපහසුයි. නමුත් එල්නීනියෝ සහ ලානීනියා අවස්ථා දෙකෙහිදීම උෂ්ණත්වයන් වඩාත් වැඩිවී ඇති බවක් දකින්න පුළුවන්.
09 රූපය - ජුනි මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
ජුනි මාසය මත ENSO බලපාන ආකාරය 09.රූපයෙන් දැකගත හැක. වැස්ස සම්බන්ධයෙන් සොයා බැලීමේදී එල්නීනියෝ සහ ලානීනියා අවස්ථාවන්වලදී සුවිශේෂ වෙනස්කම් හඳුනාගත නොහැකි උවත් එල්නීනියෝ අවස්ථාවල තරමක වියලි බවක් සහ ලානීනියා අවස්ථාවල තරමක වැසි සහිත බවක් පවතින බව නිරීක්ෂණය කරන්න පුළුවන්. උෂ්ණත්වය විචලනය සලකා බැලීමේදීද ENSOහි අවස්ථා දෙක මගින් සැලකිය යුතු වෙනස්කම් ඇති කිරීමට සමත් වී නැති මුත් එල්නීනියෝ අවස්ථාවල ඌව ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි වීමක් වාර්තා වී තිබේ. ලානීනියා මගින් සමස්තයක් වශයෙන් දිවයිනම වඩාත් අඩු උෂ්ණත්වයන් කරා ගෙන යන බව පෙනේ.
ENSO මගින් මැයි සිට සැප්තැම්බර් දක්වා දිවෙන නිරිතදිග මෝසම් වැස්සට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබයි. 10.රූපය මගින් ජුලි මාසයේ, විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශ එල්නීනියෝ කාලවලදී වියලි බවට පත්වීම දකින්න පුළුවන් අතරම ලානීනියා කාල-ප්‍රාන්තර වලදී සාපේක්ෂව වැඩි වැසි ලැබී ලැබී ඇති බවකුත් පෙනේ. උෂ්ණත්ව අගයන් වඩාත් කැපී පෙනෙන අයුරින් වැඩි වන බව එල්නීනියෝ අවස්ථාවේ සිතියමෙන් දැක්වේ. එසේම සාමාන්‍යෙන්ය පවතින උෂ්ණත්වයට සාපේක්ෂව මුළු දිවයිනේම පාහේ ලානීනියා අවස්ථාවල වඩාත් අඩු උෂ්ණත්වයන්ට ගමන් කළ හැකි බවද විශේෂයෙන් හඳුනා ගත හැක.
10 රූපය - ජුලි මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
අගෝස්තු යනු වසරේ වැසි වඩාත් අඩුවෙන් ලැබෙන එක් මාසයක්. කෙසේ වෙතත් අගෝස්තුවේදී ENSO හි තීරණාත්මක බලපෑම් ඇතිබව 11.රූපයේ සිතියම් මගින් දකින්න පුළුවන්. ඒ අනුව අගෝස්තු ලානීනියා අවස්ථාවල සැලකියයුතු වැසි වැඩිවීම් නිරීක්ෂණය වී ඇති අතර එල්නීනියෝ අවස්ථාවල වැසි වඩාත් අඩුවී ඇත. අගෝස්තු යනු සාමාන්‍ය උෂ්ණත්වය තරමක් වැඩි මාසයක් උවත් එල්නීනියෝ අවස්ථාවල උෂ්ණත්වය වැඩිවීම වඩාත් වැඩි අගයන් ගෙන ඇති අතර ලානීනියා එම අගයන් වඩාත් අඩු වී ඇත.
11 රූපය - අගෝස්තු මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
නිරිතදිග මෝසමට ගැනෙන අවසන් මාසය, සැප්තැම්බර් මාසයේදී දුර්වල මෝසම් ලක්ෂණ දිවයිනේ දකින්න පුළුවන් සහ මාසය අග භාගය හවස්කාලයේ සංවහන වැසි සහිත වීම සාමාන්‍ය ලක්ෂණයක්. එබැවින් මෝසමේ සෙසු මාසවලට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ ENSO හි බලපෑම වෙනස් වන බව දකින්න පුළුවන්.
12 රූපය - සැප්තැම්බර් මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
ඒ අනුව එල්නීනියෝ අවස්ථාවලදී දිවයින තුළ වැසි වැඩිවීම් පැවතිය හැකි අතර ලානීනියා ඇති අවස්ථාවල වැසි අවම වීමක් දැකිය හැකියි. උෂ්ණත්වයන්ගේ විචලනය වීමද ඒ අනුවම සැකසෙමින් එල්නීනියෝ මගින් වැඩි උෂ්ණත්වයන්ද, ලානීනියා මගින් අඩු උෂ්ණත්වයන්ද ඇතිකිරීමට දායක වනබව 12.රූපයේ සැප්තැම්බර් මස විශ්ලේෂණ මගින් පැහැදිලි වේ.
13 රූපය - ඔක්තෝම්බර් මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
ENSO බලපෑම මත ලංකාවේ වැසි අඩුවැඩි වීම් වඩාත් වැඩි ප්‍රමාණයකින් විචලනය වීම, ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල, එනම් දෙවැනි අන්තර් මෝසමේදී දකින්න පුළුවන්. 13 සහ 14 රූප නිරීක්ෂණයෙන් ඒ බව වඩාත් සනාථ කරගත හැකියි. සමස්තයක් ලෙස ගත්කල එල්නීනියෝ මගින් ඔක්තෝම්බර් සහ නොවැම්බර් වැස්ස වඩාත් වැඩි කිරීමටත් ලානීනියා අවස්තාවලදී වැස්ස වඩාත් අඩු කිරීමට දායක වන බවත් නිරීක්ෂණය කරන්න පුළුවන්.
14 රූපය - නොවැම්බර් මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල සිදුවන උෂ්ණත්ව විචලනයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී නිශ්චිත රටාවක් හඳුනාගත හැකියි. එල්නීනියෝ අවස්ථාවල දිවයිනේ බස්නාහිර කොටස් සාපේක්ෂව වැඩි උෂ්ණත්වයන්හි පැවතිය හැකි අතර නැගෙනහිර කොටස් අඩු උෂ්ණත්ව අගයන්හි පැවතීම දත්ත අනුව පැහැදිලි වේ. එසේම ලා නීනියා අවස්ථාවලදී ඊට ප්‍රතිවිරුද්ධව දිවයිනේ බස්නාහිර ප්‍රදේශ සාපේක්ෂව අඩු උෂ්ණත්වයන්වල පැවතිය හැකි අතර නැගෙනහිර ප්‍රදේශ වැඩි උෂ්ණත්වයන්හි පැවතීමද දකින්න පුළුවන්.
15 රූපය - දෙසැම්බර් මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
දෙසැම්බර් මාසයේදී පැවතිය හැකි ENSO තත්වයන් අනුව දිවයිනේ වැසි සහ උෂ්ණත්ව වෙනස්වීම් 15.රූපයේ දැක්වේ. ලානීනියා අවස්ථාවලදී දිවයිනේ නිරිතදිග කොටස්වල පැවතිය හැකි අඩු වැසි ප්‍රමාණයන් හැරුණකොට සෙසු ප්‍රදේශවල වැසි වැඩිවීමක් දකින්න පුළුවන්. කෙසේ වෙතත් එල්නීනියෝ මගින් දෙසැම්බර් මාසයේදී දිවයින පුරාම පාහේ උෂ්ණත්වයන් වැඩි කිරීමට දායක වන අතර ලානීනියා අවස්ථාවලදී බස්නාහිර ප්‍රදේශවල උෂ්ණත්වය යම් ආකාරයකට අඩු කිරීමක් සහ නැගෙනහිර කොටස්වල උෂ්ණත්වයන් සාපේක්ෂව වැඩි වීමක් සිදුවන බව පෙනේ.
ගෝලීය තත්වයන්ගේ වෙනස්වීම් මත වසර කිහිපයකට වතාවක් ENSO හි එල්නීනියෝ මුහුණුවර, ලානීනියා මුහුණුවර හෝ නිෂ්ක්‍රීය ENSO තත්ත්වයන් පැවතිය හැකියි. ඉහත විශ්ලේෂණයන්ගෙන් පැසිෆික් සාගරයේ ඇතිවන එල්නීනියෝ සහ ලනීනියා අවස්ථාවන්ට අනුරූපව ශ්‍රී ලංකාවේ මාසික දේශගුණික පරාමිතීන් ද්විත්වයක් ලෙස වැස්ස සහ උෂ්ණත්වයන්ගේ විචලනය මුලිකවම සිදුවන ආකාරයන් පිළිබඳව සොයා බැලීමට උත්සහ දරණ ලදී. ඒ අනුව වසරේ විවධ මාස වලදී ලංකාවේ විවිධ ප්‍රදේශ වෙත ENSO මගින් ඇතිකරන බලපෑම් එකිනෙකින් වෙනස් විය හැකි අතර එල්නීනියෝ හෝ ලා නීනියා යනු වසරේ ඕනෑම කාලයක ගංවතුර හෝ නියඟ ඇතිකරන සංසිද්ධීන් නොවන බව පැහැදිලි වේ.
ලිපියේ අන්තර්ගතය හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් විමසීමට පහත විද්‍යුත් ලිපිනය මගින් මා සම්බන්ධකර ගන්න.
Malith Fernando - rmpfernando@gmail.com
මුලාශ්‍ර:
ENSO images: www.metoffice.gov.uk
Rainfall and Temperature Data: ERA5 monthly reanalysis from www.ecmwf.int
ENSO data: https://origin.cpc.ncep.noaa.gov
Calculations and Plotting: CDO and GrADS
4 Comments
සෑහෙන වැදගත් ලිපියක්. ස්තූති ❤️
ReplyDeleteබොහොම ස්තූතියි.
Deleteබොහොම වටිනවා!
ReplyDeleteබොහොම ස්තූතියි.
Delete