අයිස් වැසි හැදෙන්නෙ කොහොමද?
මොනවද මේ අයිස් වැසි ?
පසුගිය වසර කිහිපයේදීම ලංකාවේ අයිස් වැසි දකින්න පුළුවන් උනා. ඒ අතරිනුත් 2019 ජුලි මාසෙ මොනරාගල ප්‍රදේශයට වැටුන අයිස් වැස්ස ඉතාමත් වැඩි සහ විශාල අයිස් ප්‍රමාණයක් වාර්තා වෙලා තිබුන. ලංකාවෙ වාර්තා වී ඇති අයිස් වැසිවල අයිස් කැට, කඩල ඇටයක ප්‍රමාණයේ සිට ටෙනිස් බෝලයක් තරම් විශාල අයිස් ගුලි දක්වා නිරීක්ෂණය කරල තියෙනව. කෙසේ වෙතත් මෙවැනි වැස්සක අයිස් කැබලි සෙ.මී. 15ක් පමණ දක්වා විශාල වීමේ හැකියාවක් පවතිනව.
කොහොමද අයිස් වැස්සක් හැදෙන්නෙ ? කියන ප්‍රශ්නෙට දෙන්න පුළුවන් සරල උත්තරයක් මේ.
සාමාන්‍යයෙන් අයිස් වැසි ඇතිවෙන්නෙ හොඳින් වර්ධනය වුනු කැටි වැහි වලාකුළුවලින්(cumulonimbus clouds). මේ කැටි වැහි වලාකුළක පහල මට්ටම පොළොවේ සිට මීටර 500-1000 වගේ ඉඳල කිලෝමීටර් 12-15ක් වගේ උසට වර්ධනය වෙනව. ඒ වගේම පහළ උෂ්ණත්වය සාමාන්‍යය පරිසර උෂ්ණත්වය වන අතර එහි ඉහලම උෂ්ණත්වය ඍණ 40-50 හෝ ඊටත් අඩු අගයන් පවා ගත හැකියි. ප්‍රධාන වශයෙන් පොලොව සහ වලාකුළ අතර හුවමාරු වන උඩු සුළං (updraft) සහ යටි සුළං ධාරා (Downdraft) දෙකක් මේ වලාකුළ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනව.
සාමාන්‍ය කැටි වැහි වළාකුලක් නොවී, ගොඩක් වැඩි උඩු සුළං ධාරාවක් සහිතව හොඳින් වර්ධනය වෙච්ච කැටි වැහි වලාකුළකින් වැස්ස ඇති වෙන්න හදන අවස්තාවක් ගැන හිතුවොත්, අර කලින් කියපු අධික උඩු සුළං ධාරාව නිසා වැහි බිංදු පහලට නොවැටී වළාකුලේ ඉහලට ගමන් කරනව. වළාකුලේ ඉහල ප්‍රදේශවල ඇති වඩාත් සිසිල් හෝ අයිස් බවට පත්වූ ජලය සමග ස්පර්ශ වෙමින් ඉහලට ගමන් කරන ජල බිංදු අයිස් බවට පත්වෙනව වගේම, බාහිර සිසිල් ජලය සහ අයිස් එකතු කරගෙන තම ප්‍රමාණයත් වැඩි කර ගන්නව. මේ සිද්ධියත් සමග වතුර බිංදුව දැන් අයිස් ගුලියක් බවට පත් වෙලා. සෑදුන අයිස් ගුලිවල ස්කන්ධය වැඩිනිසා, උඩු සුළං ධාරාව මගින් තව දුරටත් ඉහලට තල්ලු කිරීමට නොහැකි අවස්ථාව වන විට ඒවා බිමට වැටෙනව.
අයිස් වැහි හැදෙන්නෙ එහෙමයි.
අයිස් වැසි බොහෝදුරට යටි සුළං ධාරාවන් සමග පොළොවට පැමිණිය හැකි අතර එවන් තත්ත්වයන් වඩාත් අනතුරුදායක විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.
තවේකක්, අයිස් වැහි අහස යට කියල පොස්ට් දාන්න හිතාගෙන එලියට එහෙම යනව නෙවේ. 😂
ඡයාරූප: පසුගිය වසරවල ඇතිවූ අයිස් වැසිවල පින්තූර අන්තර්ජාල පුවත්පත්වලින් උපුටා ගන්නා ලදී.
0 Comments