ඔක්තෝබර් මස ලංකාවේ දේශගුණික තත්ත්වය
සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ ඔක්තෝබර් යනු දෙවැනි අන්තර් මෝසමේ පළමු මාසයයි. මෙම මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්වල වඩා වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර දිවයින පුරාම වැසි ඇතිවීම දැකිය හැකියි. මෙම වැසි බොහෝ අවස්තාවන්වලදී සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි බව නිරීක්ෂණය කල හැකි අතර බෙංගාල බොක්කේ වර්ධනය වන වායුගෝලීය අඩුපීඩන තත්ත්වයන් සහ පීඩන අවපාතයන් විසින්ද වැසිලැබේ.
මේ මාසයේ උෂ්ණත්ව ව්‍යාප්තිය සැලකීමේදී එය ප්‍රධාන වශයෙන්ම උන්නතාංශය සමග වෙනස් වන ආකාරයක් දකින්න පුළුවන්. කෙසේ වෙතත් උතුරු නැගෙනහිර කොටස්වල උෂ්ණත්වය දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව සුළු වශයෙන් වැඩි අගයන් ගනී.
ඔක්තෝබර් මාසයේ පැවතිය හැකි ස්වභාවික ආපදා තත්ත්වයන් ලෙස ප්‍රධාන වශයෙන් ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි හඳුනා ගත හැකි අතර අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතුය. එසේම සමහර අවස්ථාවලදී වඩාත් හොඳින් වර්ධනය වූ කැටි වැහි වලාකුළු නිසා, අධික වේගයෙන් හමන යටි සුළං ධාරාවන් වගේම ටොනේඩෝ තත්ත්වයන්ද ඇති වීමේ යම් ඉඩක් පවතී.
නිරිතදිග මෝසමට සාපේක්ෂව අන්තර්මෝසමේදී දිවයිනතුල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ, වෙරළබඩ ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශවල පැවති ක්ෂණික සුළං වැඩි වීමේ ස්වභාවය මෙම මාසයේදී වඩාත් අඩු වන බව නිරීක්ෂණය කල හැකියි.
ඉහතින් දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් ඔක්තෝබර් මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි.
Calculations - CDO
Plotting - GrADS
0 Comments