ඊසානදිග මෝසමට අයත් දෙවන මාසය වනුයේ ජනවාරි මාසයයි. 

මෙම මාසයේදී විශේෂයෙන්ම දිවයිනේ සබරගමු සහ මධ්‍යම පළාත්වලට තරමක වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර ඌව සහ නැගෙනහිර පළාත්වලටද තරමක් වැඩි වැසි ප්‍රමාණයන් ලැබෙයි. දිවයින පුරාම වැසි නිරීක්ෂණය කළහැකි උවත් පුත්තලම ප්‍රදේශයට වඩාත් අවම වැස්සක් ලැබෙන බව දේශගුණික දත්ත විශ්ලේෂණයේදී දැක ගත හැකියි. මෙම වැසි බොහෝ අවස්තාවන්වලදී ඊසානදිග මෝසම් සුළං සහ සංවහනය මගින් ඇතිවන බව නිරීක්ෂණය වේ.

ජනවාරි මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය

මේ මාසයේද උෂ්ණත්ව ව්‍යාප්තිය සැලකීමේදී එය ප්‍රධාන වශයෙන්ම උන්නතාංශය සමග වෙනස් වන ආකාරයක් දකින්න පුළුවන් වගේම වසරේ සාමාන්‍ය උෂ්ණත්ව අගයන් අතර වඩාත් අවම අගයන්ගෙන් යුක්ත බව දැකිය හැකියි.

ජනවාරි මස සාමාන්‍ය උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )

ඊසනදිගින් හමන මෝසම් සුළං රටාව නිසා මුහුදු ප්‍රදේශ, වෙරළබඩ ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශවල ක්ෂණික සුළං වැඩි වීමේ ස්වභාවය යම් පමණකට මෙම මාසයේදී දකින්න පුළුවන්. මෙය වඩාත් බලපෑම් කරනුයේ මන්නාරම් බොක්ක සහ ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශ වගේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ආශ්‍රිතවයි. මෙම මුහුදු සහ ගොඩබිම් ප්‍රදේශවල විටින් විට සුළං වැඩි වීමක් නිරීක්ෂණය කල හැකියි.

සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්) 

සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )

කාලගුණ සහ දේශගුණ ආපදා පිළිබඳව අවදානය යොමු කිරීමේදී ජනවාරි මාසයේද සාපේක්ෂව වඩාත් අඩු අවදානම් ප්‍රමාණයක් හඳුනාගත හැකිමුත් සුළං වැඩිවීම් නිසා ඇතිවන අනතුරු, වඩාත් වියලි කාලගුණික තත්ත්වයක් බොහෝ අවස්ථාවල දැකිය හැකි වීම හේතුවෙන් විජලනයට පත් වීම් වගේම නුවරඑළිය වැනි ප්‍රදේශවල මල්තුහින ඇතිවීම නිසා අස්වනු විනාශ වීම් ඇතිවිය හැකියි.

ඉහතින් දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් ජනවාරි මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි. 


 Data source – ECMWF’s ERA5 (https://www.ecmwf.int)

 Calculations - CDO                    

 Plotting - GrADS                 

0 Comments