"කාලගුණය සහ දේශගුණය" නමින් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමේ මූලික අරමුණු වනුයේ කාලගුණය, දේශගුණය සහ අනාවැකි පිළිබඳව උනන්දුවක් සහ අවශ්‍යතාවක් ඇති සිංහල භාෂාව භාවිතාකරන පාඨකයින් සමග එම විෂයන් පිලිබඳ දැනුම සහ තොරතුරු  හුවමාරු කර ගැනීම සහ අවශ්‍ය අවස්ථාවන් වලදී හදිසි දැනුවත් කිරීම් වෙනුවෙන් භාවිතා කිරීමයි. 

මේ තුලින් ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් සඳහා අවශ්‍ය විය හැකි යයි මා සිතන පර්යේෂණාත්මක අනාවැකි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

අදාළ විෂයන් ගැන සහ මෙම අඩවියට ඇතුලත් විය යුතු යයි ඔබ සිතන දේ පිළිබඳව, ඔබගේ ප්‍රශ්න, ගැටළු යෝජනා rmpfernando@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කිරීම අගය කරන අතර හැකි සෑම විටම ඒ සඳහා පිළිතුරු ලබාදීමට සහ අවශ්‍ය වන යාවත්කාලීන කිරීම් සිදු කිරීමට උත්සහ කරමි. 

ස්තුතීයි!
මලිත් ප්‍රනාන්දු
කාලගුණ විද්‍යාඥ 

0 Comments