නිරිතදිග මෝසම් කාලයේ අවසන් මාසය ලෙස  සැප්තැම්බර් මාසය හඳුනාගත හැකියි. මෙම මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්වල පෙර මාසයේදී  පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් දක්නට ලැබෙන අතර මාසයේ අවසන් කාලයේදී දැනට පවතින නිරිතදිග මෝසම දුර්වල වීම සහ අන්තර් මෝසම් ලක්ෂණ ඇතිවීම හේතුවෙන් වැසි ව්‍යාප්තිය දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් දකින්න පුළුවන්. මෙම වැසි බොහෝ අවස්තාවන්වලදී සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි බව නිරීක්ෂණය කල හැකියි.

සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය

මේ මාසයේදීත්  විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කොටස්වල උෂ්ණත්වය දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි අගයන් ගන්නා අතර මෝසමේ සෙසු මාස වලට සාපේක්ෂව අඩු අගයන් ගනී.

සැප්තැම්බර් මස සාමාන්‍ය උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )

සැප්තැම්බර් මාසයේ පැවතිය හැකි ස්වභාවික ආපදා තත්ත්වයන් ලෙස මාසයේ අවසන් භාගය වනවිට ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි හඳුනා ගත හැකි අතර අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතුය.

මෝසමේ අනෙකුත් මාසවල, විශේෂයෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ, වෙරළබඩ ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශවල පැවති ක්ෂණික සුළං වැඩි වීමේ ස්වභාවය මෙම මාසයේදී ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනු දැකිය හැකියි.

සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්) 

සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )

ඉහතින් දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් සැප්තැම්බර් මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි. 

 Data source – ECMWF’s ERA5 
 Calculations - CDO                    
 Plotting - GrADS     
                  

0 Comments