වැස්සක් හදමු.
ලංකාවට වැස්ස ලැබෙන ප්රධාන ක්රම තුනක් තියෙනව.
2. කඳු නිසා ඇතිවෙන වැස්ස/ මෝසම් වැස්ස
3. සුළිකුණාටු නිසා ඇතිවෙන වැස්ස.
මේ අතරින් මෝසම් කාලයේ වැඩියෙන්ම වැස්ස හම්බෙන්නෙ මෝසම් සුළං නිසා. මෝසම් සුළං, වැස්ස කරන්නෙ කඳුවලින්.
ඒක කරන්නෙ කොහොමද?
මෝසම් සුළං එන්නෙ ඉන්දියන් සාගරයෙ ගොඩාක් ඈත ඉඳන්. නිරිතදිග මෝසමේදි ගොඩාක්ම ඈත ඉඳන්!
මුහුදු වතුරෙ තියෙන උෂ්ණත්වය නිසා වතුර හෙමිං වාෂ්ප වේවි තමයි තියෙන්නෙ. මෝසම් කාලෙදි මුහුද මතුපිටින් යන හුළඟ මේ වාෂ්පටිකත් එකතු කරගෙන ඉදිරියට ඇදෙනව. මේ වැඩේ නිසා වතුර වාෂ්පවීම තවත් ටිකක් වැඩි වෙනව. හුළඟට, ගොඩක් දුර මෙහෙම යන්න පුළුවන් වෙනව කියන්නෙ ජලවාෂ්ප ගොඩාක් එකතු කරගන්න පුළුවන් කියන එක. ඒ කියන්නෙ මේ කාලෙදි ලංකාවට එන හුළඟ වතුර ගොඩාක් අරගෙන තමයි එහෙම එන්නෙ.
ඒ හුළඟ අරගෙන එන වතුර ගන්න නම් මොකද කරන්න ඕනෙ?
කිරි පෙරණ එකක් ඇල්ලුවොත් ටිකාක් විතර වතුර ගන්නත් පුළුවන්. හැබැයි අපිට ඕනි වැස්ස නිසා වෙන මොනවහරි තමයි කරන්න වෙන්නෙ.
හුළඟ හීතල කරා නම් හරි නේද? එතකොට වතුර බින්දු ගොඩක් හැදෙයි. (ඝනීභවනය වීම නිසා) ඒ බින්දු එකතු වෙලා වතුර ගඟක් හැදෙයි.
අපි කරනවට වඩා ලේසියෙන් මේක කරන්න කඳු වලට පුළුවන්.
මුහුදෙ ඉඳල හුළඟ හරිම වේගෙන් ගොඩට එනව. කන්ද නිසා හුළඟට උඩ පැත්තට යනව ඇරෙන්න වෙන යන්න දිහාවක් නැහැ. ඒ හින්ද හුළඟ කන්ද දිගේ උඩට නගිනව. මෙහෙම ඉහලට යද්දි පරිසරයෙ උෂ්ණත්වය ටික ටික අඩු වෙන නිසා හුළඟ හීතල වෙන්න ගන්නව. නුවරඑළි ගියපු අය දන්නවනෙ කඳු උඩට යන්න යන්න සීතල වැඩි වෙනව කියල. වේගය නිසා කඳු මුදුනටත් වඩා උඩට මේ හුළඟට යන්න පුළුවන් වෙනව. දැන් හුළඟ හීතල වෙන නිසා හෙමිං හෙමිං වතුර බින්දු හැදෙනව ඝනීභවනය නිසා වලාකුළු හැදෙනව.. වතුර බින්දු ලොකු වැඩි උනාම එයාලගෙ බරත් වැඩි නිසා උඩ පාවි පාවි ඉන්න බැහැනෙ. එතකොට බිමට වැටෙනව. අපි ඒකට වැස්ස කියනවා. ඔන්න ඔහොමයි මෝසම් හුළඟ හරිම ලේසියෙන් වැස්සට හරවන්නෙ.
පොඩි ප්රශ්නයක්! මුහුදු වතුර නිසා වැස්ස හැදෙනවා නම් වැස්ස ලුණු රහ නැත්තෙ ඇයි ?
හුළඟ අමතකම උනාද?
වතුර අයින් උනාම හුළඟට මොකද වෙන්නෙ??
ඒ හුළඟ කන්දෙ අනික් පැත්තට එහෙම නැත්තන් කන්ද දිගේ අනික් පැත්තෙ පහලට යනව. දැන් පොඩි වැඩක් වෙනව.
කලින් හුළඟ ඉහලට යනවත් එක්කම සීතල උනානෙ. දැන් පහලට යනකොට රස්නෙ වෙනව.හරියටම කියනවා නම් තවත් එක කතන්දරයක් නිසා කලින්ටත් වඩා ටිකක් වැඩිපුර රස්නෙ වෙනවා. ඒ ඇයි කියල ලොකු වෙලා දැනගන්න පුළුවන්. නිරිතදිග මෝසමට නැගෙනහිර පැත්තත්, ඊසානදිග මෝසමට බටහිර සහ නිරිත පැත්තෙත් රස්නෙ වැඩිවෙන්නෙ මේ නිසා. ඒ වගේම ටිකක් වේගෙන් හමන මේ හුළඟට "කච්චාන්" සුළඟ කියලත් කියනව.
ප.ලි.
ලුණු මිශ්ර වතුරෙන් වාෂ්ප වෙලා ඉහල යන්නෙ වතුර විතරයි. ඒ නිසා ඒ වැස්ස ලුණුරහ නැහැ.
ලුණු ලේවායෙ ලුණු වෙන්කර ගන්නෙත් එහෙමනෙ. වතුර ටික අයින් උනාම ලුණු ඉතුරු වෙනවනෙ.
0 Comments