අගෝස්තු මස ලංකාවේ දේශගුණික තත්ත්වය
නිරිතදිග මෝසම් කාලය තුළ තරමක වියලි ස්වභාවයක් ගන්නා මාසයක් ලෙස අගෝස්තු මාසය හඳුනාගත හැකියි. අගෝස්තු මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්වල පෙර මාසයේදී පැවති තරමක වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් දක්නට ලැබෙන මුත් වැසි ස්වභාවයේ අඩුවක් දකින්න පුළුවන්. විශේෂයෙන් අනෙක් මාසවලට සාපේක්ෂව වැසි සහිත දින ගණන වඩාත් අඩු බව නිරීක්ෂණය වන අතර
රාත්‍රී කාලයේදීත් බොහෝවිට අහස වලාකුළින් බරව පැවතීම නිසා සහ ආර්ද්‍රතාවය තරමක් වැඩි නිසා සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩි විය හැකි අතර රාත්‍රී කාලයේ දහදිය සහිත වීම තරමක අපහසුතාවයක් ගෙන දෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී නිරිතදිග ප්‍රදේශවල තරමටම නොමැති වුවත්, මොනරාගල සහ අම්පාර වැනි දිස්ත්‍රික්කවලත් යම් වැසි ප්‍රමාණයක් නිරීක්ෂණය වී ඇති අතර සෙසු ප්‍රදේශවල තරමක වියලි කාලගුණික තත්ත්වයක් දැක ගත හැකියි. මේ මාසයේදීත් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කොටස්වල උෂ්ණත්වය දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි අගයන් ගනී.
අගෝස්තු මාසයේදීත් පවතින ස්වභාවික ආපදා තත්ත්වයන් සැලකීමේදී මුහුදේ සහ ගොඩබිම සුළං වේගය ක්ෂණිකව වැඩිවීම හඳුනා ගත හැක. එනම්, නිරිත/බස්නාහිර දෙසින් හමන සුළං වේගය ක්ෂණිකව ඉහළයාමේ අවදානම් තත්ත්වයන් මෙම මාසයේද දැකිය හැක. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් බලපානුයේ දිවයිනේ වයඹ බස්නාහිර නිරිත සහ දකුණු මුහුදු ප්‍රදේශ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, මාතලේ සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලටයි. විශේෂයෙන්ම ඉහත සඳහන් කල මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන්නන් සහ එම ගොඩබිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව අදාළ වෙනස්කම් ගැන අවදානයෙන් පසුවීම වඩාත් සුදුසු වේ. මීට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ යම් අවදානමක්ද අගෝස්තු මස පැවතිය හැක.
ඉහතින් දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් අගෝස්තු මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි.
| Data source – ECMWF’s ERA5 |
| Calculations - CDO |
| Plotting - GrADS |
0 Comments