ජුනි මස ලංකාවේ දේශගුණික තත්ත්වය
සාමාන්‍ය තත්ත්වයන් යටතේ නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමගම එළඹෙන්නේ ජුනි මාසයයි. ජුනි මස දිවයිනේ නිරිතදිග කොටස්වල තරමක වැසි සහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන අතර මාසයේ වැඩි දවස් ප්‍රමාණයක් වලාකුළින් බර අහස සහ වැසි සහිත වේ. රාත්‍රී කාලයේදීත් අහස වලාකුළින් බරව තිබීම නිසා සහ ආර්ද්‍රතාවය තරමක් වැඩි නිසා සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩි විය හැකි අතර රාත්‍රී කාලයේ දහදිය සහිත විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශ තරමක වියලි කාලගුණික තත්ත්වයක් පවතින අතර විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කොටස්වල උෂ්ණත්වයද සාපේක්ෂව වැඩි අගයන් ගනී.
මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය.
ජුනි මස පවතින ස්වභාවික ආපදා තත්ත්වයන් සැලකීමේදී මුහුදේ සහ ගොඩබිම සුළං වේගය ක්ෂණිකව වැඩිවීම ප්‍රමුඛ වේ. එනම්, නිරිත/බස්නාහිර දෙසින් හමන සුළං වේගය ක්ෂණිකව ඉහළයාමේ අවදානම් තත්ත්වයන් මෙම මාසයේද දැකිය හැක. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් බලපානුයේ දිවයිනේ වයඹ බස්නාහිර නිරිත සහ දකුණු මුහුදු ප්‍රදේශ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලටයි. එබැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන්නන් සහ එම ගොඩබිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව අදාළ වෙනස්කම් ගැන අවදානයෙන් පසුවීම සුදුසු වේ.
උෂ්ණත්ව ව්‍යාප්තිය
ඉහත දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් ජුනි මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි.
> Data source – ECMWF’s ERA5
> Calculating tool - CDO
> Plotting tool - GrADS
0 Comments