දෙසැම්බර් යනු දළ වශයෙන් ඊසානදිග මෝසමට ගැනෙන මාසයක් උවත් මාසයේ මුල් සතිය/දෙක අන්තර් මෝසම් ලක්ෂණ දකින්න පුළුවන්. 

මෙම මාසයේදී විශේෂයෙන්ම දිවයිනේ සබරගමු සහ මධ්‍යම පළාත්වලට වඩාත් වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් සහ නැගෙනහිර ප්‍රදේශවලටද තරමක් වැඩි වැසි ප්‍රමාණයන් ලැබෙන අතර දිවයින පුරා වැසි ඇතිවීම දැකිය හැකියි.  මෙම වැසි බොහෝ අවස්තාවන්වලදී සංවහනය, බෙංගාල බොක්ක සහ දිවයින ආශ්‍රිතව වර්ධනය වන වායුගෝලීය අඩුපීඩන තත්ත්වයන් සහ පීඩන අවපාතයන් හේතුවෙන් ඇතිවන බව නිරීක්ෂණය කල හැකි අතර ඊසානදිග මෝසම් සුළං මගින් ඇතිවන වැසිද අන්තර්ගත වේ.

දෙසැම්බර්  මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය

මේ මාසයේද උෂ්ණත්ව ව්‍යාප්තිය සැලකීමේදී එය ප්‍රධාන වශයෙන්ම උන්නතාංශය සමග වෙනස් වන ආකාරයක් දකින්න පුළුවන් වගේම පසුගිය මාසයට සාපේක්ෂව සමස්ත උෂ්ණත්ව අගයන් සුළු වශයෙන් අඩු බවක් දැකිය හැකියි.

දෙසැම්බර් මස සාමාන්‍ය උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )

අන්තර්මෝසම් කාලයේදී පැවති අයුරින් දිවයිනතුල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ, වෙරළබඩ ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශවල ක්ෂණික සුළං වැඩි වීමේ ස්වභාවය මෙම මාසයේදීත් අවම අගයන් ගනී. කෙසේ වෙතත් සුළං රටාව ඊසානදිග මෝසම් සුළං බවට පත්වීමෙන් පසුව මන්නාරම් බොක්ක ආශ්‍රිතව විටින් විට සුළං වැඩි වීමක් නිරීක්ෂණය කල හැකියි.

සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්) 

සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )

කාලගුණ සහ දේශගුණ ආපදා පිළිබඳව අවදානය යොමු කිරීමේදී දෙසැම්බර් මාසයේ සාපේක්ෂව වඩාත් අඩු අවදානම් ප්‍රමාණයක් හඳුනාගත හැකිමුත් දිවයින ආශ්‍රිතව සහ බෙංගාල බොක්කේ ඇතිවිය හැකි අඩු පීඩන සහ පීඩන අවපාත වැනි තත්වයන් නිසා අධික වැසි තත්ත්වයන් ඇතිවිය හැකියි.

ඉහතින් දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් දෙසැම්බර් මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි. 

 Data source – ECMWF’s ERA5 (https://www.ecmwf.int)
 Calculations - CDO                    
 Plotting - GrADS      
           

0 Comments