කා.වි.දෙ. හිටපු අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා විසින් ලියන ලදී.

This Article I Prepared in 2020 April, based on the International Research publication and shared among our members in " Association of Disaster Risk Management Professionals ( ADRiMP ) Sri Lanka. I would like to share this with you to encourage your reading ability and find new things. ( Article is in Sinhala Language)

Will coronavirus pandemic diminish by summer” යන මාතෘකාව යටතේ, Qasim Bukhari1 , Yusuf Jameel2 , යන පර්යේෂකයන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති, පර්යේෂණ නිබන්ධයේ සාරාංශයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරමි.

1-McGovern Institute for Brain Research, Massachusetts Institute of Technology (MIT), Cambridge, USA, 2-Department of Civil and Environmental Engineering, Massachusetts Institute of Technology (MIT), Cambridge, USA.

Funding: This work is supported by Abdul Latif Jameel Clinic for Machine Learning in Health (J-Clinic)

This article is published SSRN Elsevier (High Impact Journal)

මේ වන විට නව කොරෝනා වයිරසය ලෝකයේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙය වසංගත තත්වයක් බව ප්‍රකාශ කර ඇත. සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවෙන්සා වයිරස දේශගුණ සහ කාලගුණ තත්වයන් සමග ඍජු සම්බන්ධතාවයක් ඇති නමුදු, මෙම වයිරසය කාලගුණ තත්වයන් සමග සම්බන්ධතාවයක් පවතීද යන්න පිලිබඳ තවමත් ගැටලුවකි.

2020 මාර්තු 22 දින දක්වා කොරෝනා වයිරසය බලපෑ රටවල් ආශ්‍රිත දත්තයන් සමග මෙම පර්යේෂණ කෘතිය ඉදිරිපත් කර ඇත. ඝර්ම කලාපීය නොවන රටවල් වල සිදුකරන ලද 83%ක පරීක්ෂණවලින් 90% ක ප්‍රමාණයකට එම ප්‍රදේශවල උෂ්ණත්ව බල පා ඇතිබව නිරීක්ෂණය කල හැක. ඒ අනුව එම ප්‍රදේශවල උෂ්ණත්ව 3 g/m3-17 g/m3 සෙල්සියස් වේ. ඒ වගේම 72% ක ප්‍රමාන විශ්ලේෂණ නිරපේක්ෂ ආර්ද්‍රතාවය 3 සහ 9 ප්‍රමාන වලින් පවතින ප්‍රදේශ වල සිදුකරන ලද අතර, එයින් 90% ක ප්‍රමාණයක් ප්‍රමාණයක් එම පරාසයට අදාළ වේ. උත්තර ප්‍රදේශ වල උෂ්ණත්ව අඩු, එමෙන්ම අර්ද්‍රතාවයෙන් වැඩි උණුසුම් ප්‍රදේශවල මෙම වයිරසය බල පැ පුද්ගලයන් විෂමාකාර වේ. ඒ වගේම 30N සහ 30S  අතර පිහිටන ඝර්ම කලාපීය රටවල් වලට බලපාන ලද පුද්ගල සංක්‍යව යුරෝපය සහ ඇමරිකානු, එනම් ඝර්ම කලාපීය නොවන රට වලට බල පා ඇති පුද්ගල සංඛ්‍යාවය වඩා අඩුය. මේ අනුව කාලගුණය මෙම වයිරසය පැතිරවීමට ප්‍රධාන කාර්යයක් ඉටුකරන බව අනුමාන කල හැක. පසුගිය දින 10 තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ට වැඩ අඩු ප්‍රදේශ වල මෙම වයිරසය සීග්‍ර ලෙස පැතිර ගොස් ඇත. කෙසේ වෙතත්, උෂ්ණත්වය මෙන් නොව, බොහෝ අවස්ථාවන්හි ලේඛනගත කර ඇති නිරපේක්ෂ ආර්ද්‍රතා පරාසය නිරන්තරයෙන් 3 ත් 9g/m3 ත් අතර වේ. වර්තමනා දත්ත, සීමාසහිත බැවින්ද, මේ වන විටත් 2019-nCoV වයිරසය ඇමරිකානු එකසත් ජනපදය සහ යුරෝපය තුල ඉතා සීග්‍රයෙන් පැතිර ගොස් ඇති බැවින්ද, මේ පිළබඳ ඉදිරියේ ඇතිවිය හැකි අඩුවීමේ ප්‍රවනතාවය පැහැදිලි කිරීම අපහසු වේ. මේ දක්වා මෙම වයිරසය පැතිර යාම පිලිබඳ උෂ්ණත්වය සහ අර්ද්‍රතාවයේ සම්බන්දතාවයක පැවතුනු බව නිරීක්ෂණය කලද, මේ සඳහා පරීක්ෂණාගාර මට්ටමෙන් පර්යේෂණ සිදුකර මෙය තහවුරු කල යුතුව ඇත. වර්තමානයේ නිරීක්ෂණයන්  අනුව ආර්ද්‍රතාවය 3 සිට 9g/m3 අතර පරාසය ඇති රටවල මෙම වයිරසය අප්‍රේල් සහ මැයි මාස වලද පැතිර ගිය හොත්, ඝර්ම කලාපීය රටවල් (වැඩි ආර්ද්‍රතාවයක් සහිත ( >10 g/m3)) එනම් එම රටවල මෝසම් කාලගුණ තත්වයන් ආරම්භ වූ පසු, මෙම වසංගතයේ අඩු ප්‍රවනතාවයක් නිරීක්ෂණය කල හැක.

මේ සම්බන්ධව මාගේ නිරීක්ෂණ :

ශ්‍රී ලංකාව විවිධ දේශගුණ තත්වයන් ඇති රටකි. මුහුදු බඩ ආශ්‍රිත ප්‍රදේශ වලට හමන මුහුදු සුලන් හේතුවෙන් එම ප්‍රදේශ වැඩි ආර්ද්‍රතවයකින් යුක්ත වුවද, දිවයිනේ මධ්‍යම කොටස් වල ආර්ද්‍රතාවය, සාපේක්ෂව අඩුවේ. නමුත් මෙම වයිරසය පැතිරවීමට සුදුසු අර්ද්‍රතාවයට වඩා අඩු ආර්ද්‍රතාවයක්  එම ප්‍රදේශ වල පවතී. 

අප මෙහි අවධානය යොමු කල යුත්තේ නුවරඑලිය වැනි ඉතා  ඉහල උන්නතාංශයක් ඇති ප්‍රදේශ වලටය. වායුගෝලීය පීඩනය අඩුවීමත්, උන්නතාංශය සමග නිරන්තර අඩු උෂ්ණත්වයක් පැවතීමත් ආර්ද්‍රතාවය අඩුවීමට ප්‍රදාන හේතුවක් වේ. තවද එම ප්‍රදේශවල ආර්ද්‍රතා පරාසය ඉතා වැඩිය. නවතම දත්ත නොමැති වුවද, 2010 සහ 2011 වර්ෂවල කාලගුණ දත්ත විශ්ලේෂණයක් මේ සමග ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

රූපය: 2010 සහ 2011 වර්ෂවල කාලගුණ දත්ත විශ්ලේෂණය

මාර්තු මාසයේ මෙම වසංගතය පැතිරීමට ඉතාමත් උචිත පරිසර රටාවක් පවතින බව මෙම විශ්ලේෂණයන්ගෙන් නිරීක්ෂණය වේ. අප්‍රේල් මාසය මුල් කාලයේද මෙම අවදානම පැවතිය හැක. ( මෙම විශ්ලේෂණය සාමාන්‍ය තත්වයක් ලෙස සලකා බැලිය යුතු වුවද, 2020 වසරේ දත්ත විශ්ලේෂණය මගින් පැහැදිලි ලෙස මෙය තහවුරු කල හැක).

එම ප්‍රදේශ වලින් අනෙක් ප්‍රදේශවලට ප්‍රවාහනය වන එළවලු වැනි ද්‍රව්‍ය රැගෙන එන වාහනවල රියදුරන් මගින්, මෙය ඉතා පහසුවෙන් එම ප්‍රදේශවලට සම්ප්‍රේෂණය විය හැක. 

2 Comments

  1. well done machan ,,meka thami wenne one ,,pulwannam argicuture pattala location wise mekama balamu

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      දැනට පොඩි අත්හදා බැලීම් ටිකක් තියෙනව. ට්‍රයි කරමු.

      Delete